එළඹෙන 15 වැනිදා ඇලස්කාවේ දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සැලසුම් කර ඇති විශේෂ හමුව පිළිගන්නා බව ඉන්දියාව පවසනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිශ්වාල් සඳහන් කර තිබුණේ, යුක්රේනයේ පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සහ සාමය සඳහා වූ අපේක්ෂාවන් විවෘත කිරීම සම්බන්ධයෙන් මෙම හමුවේ දී පොරොන්දු වනු ඇති බවයි.
“මෙම රැස්වීම යුක්රේනයේ පවතින ගැටුම් අවසන් කර සාමයේ අපේක්ෂාවන් විවෘත කිරීමේ පොරොන්දුව දරයි. අගමැති නරේන්ද්‍ර මෝදි අවස්ථා කිහිපයකදීම පවසා ඇති පරිදි, ‘මෙය යුද්ධයේ යුගයක් නොවේ’,” යනුවෙන් ද ඔහු එහි දී පවසා තිබෙනවා.
ඔහු පවසා තිබුණේ, ඉන්දියාව එළඹෙන සමුළු රැස්වීම අනුමත කරන අතර මෙම ප්‍රයත්නයන්ට සහාය වීමට සූදානමින් සිටින බවයි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් සෙනසුරාදා නිවේදනය කළේ තමා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අගෝස්තු 15 වන දින ඇලස්කාවේදී හමුවන බවයි.
මෙම හමුවේදී රුසියාව සහ යුක්රේනය අතර සාම ගිවිසුමක් ඇතිකර ගැනීමේ උත්සාහයන් පිළිබඳව දැඩි අවධානයක් යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.