ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ අංශයේ සහ මාධ්‍ය ඉතිහාසයේ සංවර්ධනයේ පුරෝගාමියෙකු වන Antz Lanka Group of Companies පසුගියදා සුභ මොහොතින් විවෘත කරන ලදී.
Asiatoday.lk හිමිකාරිත්වය දරන Antz Lanka Media Corporation සහ AntZ Lanka solutions යන සමාගම් දෙකෙහිම මව් සමාගම Antz Lanka Group of Companies වේ.
තොරතුරු තාක්ෂණ අංශයේ සහ මාධ්‍ය අංශයේ පුළුල් අත්දැකීම් ඇති දුෂ්මන්ත වීරසිංහ මහතා මෙම සමාගම් සමූහයේ ප්‍රධානියා වේ.

ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත සියලුම අංශ සඳහා තොරතුරු තාක්ෂණ සේවා සපයන AntZ Lanka solutions හි විශේෂත්වය වනුයේ එය පැරණි ශ්‍රී ලාංකික තාක්‍ෂණයේ උරුමය නව තාක්‍ෂණය සමඟ මිශ්‍ර කර ලොව පුරා බෙදා හරින සමාගමක් වීමය.
ශ්‍රී ලංකාවේ අංක 1 Digital ප්‍රවෘත්ති නාලිකාව වන Asiatoday.lk ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ප්‍රවෘත්ති ශ්‍රී ලාංකික පාඨකයින්ට සමීප කරවමින් පුවත්වලට නව වටිනාකමක් එක් කරයි.









