ඉදිරියේදී චීනය සහ ඉන්දියාව අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජියන් පවසනවා.
ඒ අනුව කෙටි දැනුම්දීමකින් සිය රට වෙත ගුවන් ගමන් ඇරඹීමට සූදානමින් සිටින ලෙස ඉන්දීය රජය වෙත දැනුම් දී ඇති බවයි ඔහු කියා සිටියේ.
දෙරට අතර ගුවන් ගමන් ඇරඹීම, දේශසීමා සංචාර, හුවමාරු හා සහයෝගීතාවන් වැඩිදියුණු කර ගැනීම මෙහි අරමුණයි.