පාකිස්තානයේ හෙලිකොප්ටරයක් කඩා වැටීම හේතුවෙන් එහි සිටි නියමුවන් දෙදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ.

උතුරු පකිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා සහන භාණ්ඩ රැගෙන යමින් තිබූ හෙලිකොප්ටරයක් මෙසේ කඩා වැටීමට ලක්ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අයහපත් කාලගුණය හමුවේ යානය පාලනයෙන් ගිලිහීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක පළ කරන බවය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *