දකුණු කොරියාවේ නව විදේශ කටයුතු අමාත්‍යවරයා නිල සංචාරයක් අරඹමින් ඉන්දියාවට පැමිණ තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ (15) පස්වරුවේ ඉන්දියාවට ළඟා වූ ඔහු 17 වනදා දක්වා ඉන්දියාවේ රැඳී සිටිනු ඇති බවය.

මෙම සංචාරය අතරතුරදී දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඉන්දියාව සහ දකුණු කොරියාව අතර වෙළෙඳ සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි ක්ෂේත්‍රවල උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සංචාරයේදී අවධානය යොමු කෙරෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද ආසියාව සමග සහ විශේෂයෙන්ම ඉන්දු-පැසිෆික් කලාපය සමග බැඳීම ඉහළ නැංවීම මෙම සංචාරයේ අරමුණක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *