චීනයේ පැවැත්වීමට නියමිත ෂැංහයි සහයෝගීතා සංවිධානයේ මීළඟ සැසිවාරය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වය තහවුරු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත චීන ජනාධිපති 
ෂී ජින්පින් සිදු කළ නිල ආරාධනය දැනුම්දී ඇති බවය.

ඒ අනුව ආරාධනය පිළිගන්නා බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුම්දී ඇතැයි ද වාර්තා වෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ වැන්ග් යී හමුවේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු බලපෑම් හමුවේ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව අවධානය යොමුවී තිබේ.

එමෙන්ම මෝදි පවසා ඇත්තේ ද්විපාර්ශවික සබඳතා වර්ධනය වන්නේ එකිනෙකාගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබාදීම තුළින් බවය.

ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත වර්ධනය සඳහා ඉන්දීය-චීන දේශසීමාවේ සාමය වැදගත් බවද අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *