නීති සහ ආරක්ෂක අධ්‍යනය කේන්ද්‍රය විසින් සංවිධානය කෙරුණු ශ්‍රී ලංකාවේ ක්‍රමෝපායික ප්‍රතිපත්ති විශ්ලේෂණයෙ වෙළුම් 2 සහ 3 දොරටවැඩීම පසුගිය අගෝස්තු 19 වනදා කොළඹ 07 බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකාවේ 18 වන නාවික හමුදාපති, හිටපු විදේශ ලේකම් සහ ප්‍රකට රාජ්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන අද්මිරාල් (ආචාර්ය) ජයනාත් කොළඹගෙ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහි ආරාධිත දේශනය සඳහා වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ සුභාෂිනි අබේසිංහ මැතිණිය ආරාධනා කර තිබුණා.
ආර්ථික පර්යේෂකයෙකු වන උමේෂ් මොරමුදලි සහ දකුණු ආසියානු කලාපයේ ආරක්ෂක සහ භූ දේශපාලන විශ්ලේෂකයෙකු වන නිලන්තන් නිරුල්තන් යන මහත්වරුන් විසින් මෙම වෙළුම් දෙක සම්පාදනය කර තිබුණා.
නිලන්තන් නිරුල්තන් මහතා මෙම ප්‍රකාශන දෙක එළිදක්වමින් අවධාරණය කරේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මෙක්සිකෝව මෙන් බිය සහ ආරක්ෂණය පදනම් කරගත් දුප්පත්කම වෙත වඩාත් නැඹුරු එකක් විය යුතු දැයි නැවත විමසිය යුතුව තිබෙන බවයි.
අද්මිරාල් කොළඹගෙ තම දේශනය අතරතුර ප්‍රකාශ කළේ ඉන්දියාවේ භූ දේශපාලන උනන්දුව පිළිබඳව ශ්‍රී ලංකාව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි යන්න අවිවාදිත කාරණයක් බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තම ප්‍රතිපත්ති සකස් කිරීමේ දී ඉන්දියාව පමණක් සලකා බැලීම ප්‍රයෝගික නොවන බවද ඒ මහතා එහිදී අවධාරණය කළා. එමෙන්ම සංවෘත ව ගමන් කිරීම අනාගතවාදී නොවන බව අපි සැවොම තේරුම් ගත යුතු බවද ඔහු එහිදී අවධාරණය කළා.
මෙම අවස්ථාවට දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ක්ෂේත්‍රයේ විශේෂඥයින් සහභාගී වී සිටියා.





