විජලනය තත්ත්වය හේතුවෙන් ඇති වූ සංකූලතාවන් මත බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට පසුගියදා (23) දිනයේදී රැගෙන ආ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකගේ අධීක්ෂණය යටතේ තවදුරටත් ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
දියවැඩියා තත්ත්වය හා අධිරුධිර පීඩ තත්ත්වය තවදුරටත් පවතින බැවින් එම රෝගයන් කළමනාකාරණය කර ගැනීමට වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දී ඇති අතර මේ වන විට ජීවිත අවදානමක ඔහු නොමැති බවද සඳහන්.
බන්ධනාගාරයේ සිට රැගෙන ආ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හට ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ හදිසි ප්‍රතිකාර ඒකකයට යොමුකර ඔහුගේ රෝගී තත්ත්වය කළමනාකරණය කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වෛද්‍ය දැඩි සත්කාර ඒකකය වෙත මාරු කළා.
පොලිස් සහ බන්ධනාගාර නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව යටතේ හිටපු ජනාධිපතිවරයා වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ තවදුරටත් රඳවාගෙන ප්‍රතිකාර ලබාදීම සිදුවෙනවා.