නයිජිරියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් ජිහාඩ් සටන්කාමීන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කැමරූන් දේශසීමාව ආසන්නයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් මෙම මරණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජිහාඩ් සටන්කාමීන් විසින් නයිජිරියාව වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබු ප්‍රහාරයක් වළක්වාලමින් මෙම ප්‍රහාර එල්ල කර ඇත.
නයිජීරියානු ආරක්ෂක අංශ පසුගිය මාස කිහිපය තුළ එල්ල කරන ලද ප්‍රහාරවලින් සටන්කාමින් 800 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.