තලපති විජේගෙ දේශපාලනයෙ උණුසුම දකුණු ඉන්දියාවම ගිලගන්නා මොහොතක ඒ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් භූ දේශපාලන ක්‍රමෝපායික අධ්‍යනයක් කළ යුතුයි ඒෂියා ටුඩේ අපි කල්පනා කළා. අපි මේ ගැටලුව මුල සිට ලිහා ගැනීම වඩාත් සුමට තේරුම් ගැනීමකට උපකාරී වන සේ තරමක් දීර්ඝ නමුත් තාක්ෂණික ලිපියක් මේ වෙනුවෙන් අපි මෙසේ ඉදිරිපත් කරනවා.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය 2026 ලබන වසරේ අප්‍රියෙල් සහ මැයි මාස වල පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී සභිකයන් 234 දෙනෙකු තෝරා පත් කරගැනීමට නියමිතයි. එසේ පත්වන සභිකයන් අතුරින් බහුතරය විසින් විධාන් සභා යන දේශීය නාමයෙන් හඳුන්වන ඉන්දීය ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ බලය හිමි කරගෙන ආණ්ඩුව පිහිටවනු ලබනවා. ඡන්දයෙන් පත්වන සභිකයන් 234ක් සහ පත් කළ ඇන්ග්ලෝ ඉන්දියානු සභිකයෙක් එකතුවෙන් එහි ආසන 235කින් සමන්විත වනවා. එසේ පත්වන ආණ්ඩුව පිහිටුවන පක්ෂයේ හෝ සන්ධානයේ තීරණය මත එක් සභිකයෙක් හෝ එහි නායකයා මහඇමති ලෙස පත් කිරීමට අභ්‍යන්තර ඡන්දයකින් තෝරාගනු ලබනවා. ඉන්පසු ප්‍රාන්ත ආණ්ඩුකාරයා විසින් අදාළ සභිකයාට මහඇමති ලෙස දිවුරුම් දීමට පත්කරනු ලබන අතර පසුව ආණ්ඩුකාරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලබනවා.
එසේ පත්වුණු ජයලලිතා ජයරාම්, කරුණානිධි වැනි තමිල්නාඩු මහඇමතිවරු ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කතාබස් කෙරුණු බව ඔබට ඇතැම්විට මතක තිබෙනු ඇත.
උතුරු ඉන්දීය අනන්‍යතාව විසින් ඉන්දීය රාජ්‍යයේ මුහුණත ආක්‍රමණය කර තිබුණත් තමිල්නාඩු ප්‍රාන්තය ඉන්දියාවට ඇතිකරන බලපෑම තේරුම් ගැනීම මුලින්ම වැදගත් වනවා.
- තමිල්නාඩුව ඉන්දියාවේ ප්‍රාන්ත 29න් භූමි ප්‍රමාණයෙන් 10 වැනි විශාලතම ප්‍රාන්තය වනවා.
- ජනගහනයෙන් ඉන්දියාවේ 7 වැනි තැන තිබෙන ප්‍රාන්තය එයයි.
- ඉන්දීය ලෝක් සභාව හෙවත් පාර්ලිමේන්තුවේ ආසන 39 නියෝජනය කරන මෙම ප්‍රාන්තය ආසන බෙදී යාමෙන් 5 වැනි ප්‍රබලම ප්‍රාන්තයයි.
- රාජ්‍ය සභාවේ ද ආසන 18ක් සහිතව එහි 3 වැනි ප්‍රබලම ප්‍රාන්තයයි.
- ඉන්දීය දළ දේශීය නිෂ්පාදනයට (GDP) දායකත්ව වැඩියෙන්ම දායක වන ප්‍රාන්ත තුන වන මහාරාෂ්ට, තමිල්නාඩු සහ කර්නාටක් ප්‍රාන්ත අතුරින් ද එකකි.
- ඊට අමතරව ඉතිහාසයේ අවස්ථා 4-5ක දී තමිල්නාඩුව ඉන්දියාවේ බලය හිමි වන පාර්ශවය තීරණය සඳහා තීරණාත්මක සාධකය වී ඇත.
- එමෙන්ම ඉන්දියාවට ආසන්නම අසල්වැසි රටක් වන ලංකාවට වඩාත්ම ආසන්න ප්‍රාන්තය වීම සහ ඉන්දියාවේ දකුණු දිග ආරක්ෂක මර්මස්ථානය ලෙස ඉන්දියාවේ මධ්‍යම රජයට බලපෑම් කළ හැකි තැනක පිහිටා තිබේ.
- ද්‍රාවිඩ නාඩු යනුවෙන් දකුණු ඉන්දියාව මූලික කරගත් ද්‍රවිඩ නිජබිම් සංකල්පයක් තිබෙන නිසා ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සංශෝධනය කරමින් තමිල්නාඩුව ප්‍රමුඛ දකුණේ අදහස් ජාතික දේශපාලනය තුළ ශක්තිමත් නියෝජනයකට ඉන්දියානු මධ්‍යම රජය සෑමවිටම ඉඩ ලබා දීම.
තමිල්නාඩුව ලංකාවේ ජනවාර්ගික ගැටළු සහ එම ප්‍රාන්තයේ ජන වාර්ගික සංයුතියේ ස්වභාවය නිසාම ලංකාවේ දේශපාලනයට විවිධ ආකාරය වලින් බලපෑම් කිරීමේ පුරුද්දක් තිබේ. එමෙන්ම ඉන්දීය ශ්‍රී ලංකා ධීවර අර්බුදය නිසාත් ආරක්ෂක සහ දේශසීමා පරිපාලනය සඳහා මෙම ප්‍රාන්තය සහ ලංකාව අතර විවිධ ආකාරයේ සම්බන්ධතා පවත්වනු ලැබේ. ඒ නිසාම ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයක් ද මෙම ප්‍රාන්තයේ අගනුවර වන චෙන්නායි හි පිහිටුවා තිබේ.
මෙවැනි පසුබිමක් තුළ දකුණු ඉන්දීය සුපිරි නළු තලප්ති විජේ 2024 දී නව පක්ෂයක් පිහිටුවා ගනිමින් තමන් මීළඟ මහඇමති සටනට පිවිසෙන බව නිවේදනය කර තිබේ. මේ දින වල ඔහු ඒ සඳහා දේශපාලන රැස්වීම් අමතන ආකාරය ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එහිදී ඔහුගේ දේශපාලන පොරොන්දු අතර ලංකාවට අයත් කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගණන බව ද ප්‍රකාශ කර ඇත.
කච්චතිව් දූපත යනු යාපනය අර්ධද්වීපය සහ රාමේශ්වරම් අතර ජල තීරයේ පිහිටා ඇති අක්කර 265ක් පමණ විශාල ජනශුන්‍ය දූපතක්. එහි වසර සීයකට අධික පැරණි ශාන්ත අන්තෝනි දෙව් මැදුරක් පිහිටුවා තිබෙනවා. මෙම දෙව්මැදුරේ මංගල්‍ය සඳහා ඉන්දීය සහ ශ්‍රී ලාංකික බැතිමතුන් වාර්ෂිකව පැමිණෙන අතර වසරේ ඉතිරි කාලයේ මෙම දූපත බොහෝ විට ජනශුන්‍ය ව පවතිනවා.
උතුරේ පැවති යාපනය රාජධානිය සහ ඉන්දියාවේ පැවති රාමනාථපුරම් සායින්දර් රාජධානිය අතර මෙහි හිමිකාරිත්වය විටින් විට හුවමාරු වූ බව විද්වත් මතයයි.
1948 නිදහස ලැබීමෙන් පසුව 1980 දශකය අගභාගය වන තෙක්ම ශ්‍රී ලංකාවට හෙවත් ලංකාව ආසියාවේ ප්‍රබල රාජ්‍යක්ව පැවතුණා. උදාහරණයක් ලෙස 1951 ජපානය සහ ඇමරිකාව අතර සැන් ෆ්‍රැන්සිස්කෝ සාම ගිවිසුම අත්සන් කිරීම සඳහා එවක ශ්‍රී ලංකාව මැදිහත් වූ අතර එවක අමාත්‍ය ජේ ආර් ජයවර්ධන ඓතිහාසික කතාවක් ද සිදු කරනු ලැබුවා. 1971 කැරැල්ල, සිරිමාවෝ මැතිණියගේ සෝවියට් ගැති විදේශ ප්‍රතිපත්තිය සහ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති ආදියෙන් 1990 දශකය වන විට ශ්‍රී ලංකාව ක්‍රමයෙන් ආර්ථිකව සහ රාජ්‍ය තාන්ත්‍රිකව දුර්වල වීමට පටන් ගත්තා. නමුත් ඉන් පෙර නායකයන් නිර්මාණය කරගෙන තිබූ ශක්තිය නිසා සිරිමාවෝ මැතිණිය සමයේ වැරදි ප්‍රතිපත්ති යටතේ පවා ලංකාව ශක්තිමත්ව සිටියා.
1974 එවක කොංග්‍රස් පක්ෂ අගමැතිනි ඉන්දිරා ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ එවක අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක අතර අත්සන් තැබුණු ගිවිසුමක් මගින් ඉන්දියාව මෙම දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට සතු බවට හඳුනාගනු ලැබුවා. කෙසේ වෙතත් ඒ කොන්දේසි කීපයකට යටත්වයි.
- ඉන්දීය ධීවර ප්‍රජාවට විවේකය සඳහා සහ තම දැල් ආම්පන්න වෙලා ගැනීමට වීසා ලබා ගැනීමකින් තොරව එහි ඇතුල්වීමට අවසරය (අවට ජල තීරයේ ධීවර කටයුතු වල දීම සඳහා අවස්ථාව නොලැබේ)
- ඉන්දීය ධීවර ප්‍රජාවට එහි ඇති ශාන්ත අන්තෝනි දේවස්ථානයෙ උත්සව සඳහා වීසා නොමැතිව වන්දනා සඳහා අවසරය
කෙසේ වෙතත් 1976 දී නැවත ගිවිසුමක් මඟින් මෙම දූපත අවට ජල තීරයේ ඉන්දීය ධීවර ප්‍රජාවට ධීවර කටයුතු තහනම් කෙරුණු අතර එයින් සම්ප්‍රදායිකව පැවති ඉන්දීය ධීවර ප්‍රජාව කච්චතිව් අවට මසුන් ඇල්ලීම අවසන් වන බව තහවුරු කෙරුණා.
කෙසේ වෙතත් එහි සිට කිලෝමීටර් 20-25 පමණ දුරින් පිහිටා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩෙල්ෆ් දූපතේ ඇති වසභ නාවික හමුදා කඳවුරට අයත් මුර යාත්‍රා මගින් මෙම දූපත ආසන්නය නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක් කෙරෙනවා.
කෙසේ වෙතත් එදත් අදත් තමිල්නාඩුව මෙම ඉන්දීය මධ්‍යම රජය ගත් තීන්දුව සමඟ එකඟ වූයේ නැහැ. මේ පිළිබඳව විවිධ අවස්ථා වල විටින් විට කතාබස් ඇති වනවා.
ලංකාවේ යුද්ධය ආරම්භ වීම සමග ආරක්ෂක හේතු මත යාන්ත්‍රික යාත්‍රා සමඟ උතුරේ මසුන් ඇලීම තහනම් වනවා. ඒ නිසාම සාම්ප්‍රදායික පන්න ක්‍රම සහිතව වසර ගණනක් උතුරු ධීවර ප්‍රජාව නොදියුණු ලෙස ජීවත් වනවා. මෙහි ප්‍රයෝජනය වන්නේ දකුණු ඉන්දීය ධීවර ප්‍රජාවටයි. ඔවුන් වාර්ෂිකව වඩාත් විශාල යාත්‍රා සහ මුහුදු පතුල සූරාගෙන යන තහනම් පන්න ක්‍රම යොදා අපේ ධීවර ප්‍රජාවට හිමි අස්වැන්න නෙලා ගන්නවා. 2009 පමණ යුද්ධය අවසන් වනවා.
එතැන් පටන් අපේ උතුරේ ධීවරයන් ද මේ ප්‍රදේශයට සක්‍රීයව ධීවර කටයුතු සඳහා එකතු වනවා. නමුත් අපේ මිනිස්සු ගාව තියෙන්නෙ පුංචි බෝට්ටු. ඒ අයට නවීන විශාල බෝට්ටු සහ තහනම් පන්න එක්ක මුහුද සූරාගෙන කන ඉන්දීය ධීවර ප්‍රජාව හා තරඟ කිරීමට හැකි වන්නේ නැහැ. එහෙත් ලංකාවට මේ වෙනකොට යුද්ධයක සිට හදිසියේ නිහඬ වූ නාවික හමුදාවක් තිබෙනවා. මෙතෙක් කල් කාර්ය බහුලව සිටි ඔවුන් යුද්දයක් නොමැති වටපිටාවක වහාම තම බලය උතුරේ ධීවර ප්‍රජාව වෙනුවෙන් යොදවනවා. නාවික හමුදාව දිගින් දිගටම අප රට දේශසීමාව සහ අප ධීවරයන්ගේ ජලතීරය ආරක්ෂා කරමින් ඉන්දීය ධීවරයන් වලක්වන්න කටයුතු කරනවා.
මෙම ගැටලුවට ලංකාවේ සිටි බොහෝ විදේශ අමාත්‍යවරු, ධීවර අමාත්‍යවරු සහ රාජ්‍ය නායකයින් මැදිහත් වුණා. කෙසේ වෙතත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහු අගමැති ධූරය දරන විට ඉන්දියාවේ සංචාරය කරන අතරතුර ඉන්දීය මාධ්‍ය හා අදහස් පළ කර තිබුණා. එහිදී වික්‍රමසිංහ මහතා වෙනත් කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු නොකරන ආකාරයේ පැහැදිලි ස්ථාවරයක අදහස් එක්ක අර තිබුණා. ඔහු දිගින් දිගටම අවස්ථා ගණනාවකදී ඉන්දීය මාධ්‍ය හා සම්මුඛ සාකච්ඡා වලදී පැවසුවේ කිසිවෙකු ශ්‍රී ලංකාවේ දේශසීමාව උල්ලංඝනය නොකළ යුතුව තිබුණ බවයි. ඔහු පැවසුවේ ශ්‍රී ලංකා නාවික හමුදාවට ශ්‍රී ලංකාවේ ජල තීරයට ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වන හෝ වෙනත් යාත්‍රා පරික්ෂා කිරීමට අයිතියක් ඇති බවයි. එමෙන්ම ඔහු පැවසුවේ එහිදී නාවික හමුදාවට හෝ වෙරළ ආරක්ෂක බලකායට තම ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් බලයක් භාවිතා කිරීමට අවසර ඇති බවයි. රනිල් වික්‍රමසිංහ මහතා සාමාන්‍යයෙන් බටහිර සහ නවදිල්ලිය සමඟ ඉතාම සමීප රාජ්‍ය තාන්ත්‍රික ඇසුරක් පවත්වන, ලෝකයේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන එමෙන්ම ජාත්‍යන්තර ප්‍රජාතන්ත්රවාදීන්ගෙ සංගමයේ සභාපති ධූරය දැරූ ප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයෙකි. එමෙන්ම වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායේ දේශපාලඥයෙකි. ඔහු මෙසේ ඍජුව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් පෙනී සිටීම චෙන්නායි හි බලපෑම එවක දුර්වල කිරීමට හේතු විය.
ඉන්දීය පාලක පක්ෂය වන නරේන්ද්‍ර මෝඩිගෙ BJP පක්ෂය හා සමීප ඇසුරක් ඇති රාජපක්ෂවරුන් බලයේ සිටියදී ද තමිල්නාඩුවේ බලපෑම එලෙසම පාලනය කිරීමට කොළඹට හැකි විය. නමුත් දැන් තත්වය එසේ නොවේ.
දැන් ශ්‍රී ලංකාවේ බලයේ සිටින්නේ මාක්ස්වාදී පක්ෂයක් ලෙස ප්‍රකට ජවිපෙ ප්‍රමුඛ සන්ධානයකි. අනුර කුමාර දිසානායක ජනපති සහ අගමැති හරිනි තමන් නව ලිබරල් අදහස් ක්‍රියාත්මක කරන බව ඇතැම් විට කිව්වත් ලෝක දේශපාලනයට ඔවුන් මාක්ස්වාදීන් නොවේ යන්නට පැහැදිලි සංඥාවක් තවම ලැබී නැත. එමෙන්ම ඔවුන්ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය පදනම් කරගත් උගතුන්ගෙන් සැදුම්ලත් නව කණ්ඩායම විශ්වාස කරන්නේ පාසලේ විශ්ව විද්‍යාලයේ මෙන් පොදු පද්ධතියක සාමාජිකයන් ලෙස ලෝකයේ වෙනත් රවටල් ගනුදෙනු කරන බවයි. ඔවුන් සිතන්නේ ඔවුන්ගේ ශිෂ්‍ය සංගම් වල මෙන් නව කැඳවුම්කරුවෙක් ඇවිත් පෙර පරිදිම උද්ගෝෂණ මෙහෙයවන ලෙස රටවල් මෙහෙයවන බවයි. කෙසේ වෙතත් භූ දේශපාලන කාරණා ඔවුන් සිතනවාට වඩා පෞද්ගලික මට්ටමෙන් බලපාන බව මතක තබාගත යුතුයි.
හොඳම උදාහරණය සෙලෙන්ස්කි හා ට්‍රම්ප් හමුවේ මතු වූ ඇඳුම් ගැටලුව සහ මෑතකදී නැවත සිදුවූ හමුවේ දී තිබූ වෙනස. සෙලෙන්ස්ක් බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙ සහයෙන් ලැබූ පුහුණව. සෙලෙන්ස්කි ඇමරිකානු රාජ්‍ය ලේකම් වෙත පිරිනැමූ කන්‍යා මරියවන්ගේ සිහිවටනය. ට්‍රම්ප් සහ ජර්මන් චාන්සලර් මර්ස් හමුවේ මර්ස් ගෙනවිත් තිබු ට්‍රම්ප්ගෙ පවුලේ ජර්මානු ඉතිහාසය. ට්‍රම්ප් සහ ඉතාලි අගමැති මෙලෝනි අතර ඇති හොඳ සම්බන්ධය. මෙවැනි බොහෝ ආසන්න උදාහරණ අපට පෙන්වා දෙන්නේ ලෝක දේශපාලනය උගතුන් හිතන සේ පොදු විධිමත් මුහුණු වැදගත් නොවන තැනක් නොවන බවයි.
අපගේ මුඛ්‍ය කාරණයට අපි පිවිසෙන්නේ මෙවැනි වටපිටාවක බව මතක තබාගත යුතුයි. ඉන්දීය නළු විජේ තලපති මින් පෙරද අවස්ථා ගණනාවක දී ශ්‍රී ලංකාව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශ කර තිබේ. එමෙන්ම ඔහු යම් යම විරෝධතා වලටද සම්බන්ධ වී තිබේ. නමුත් එම සෑම අවස්ථාවකදී ම ඔහු නළුවෙක් පමණකි. නමුත් එම තත්වය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී. විජේ මේ වන විටත් තමිල්නාඩු මීළඟ මහ ඇමති ලෙස විවරණ ලබා ඇත. එමෙන්ම ඇතැම් විචාරකයන් මෙවර තමිල්නාඩුවේ විපක්ෂයක් නොමැති වීමට ඉඩ ඇති බවට අනාවැකි පළකර ඇත. එමෙන්ම ඔහු ප්‍රධාන ධාරාවේ ප්‍රතිවාදීන් දෙපාර්ශවය සමඟම කටයුතු නොකරන බවට ප්‍රතිඥා දී තිබේ. ඔහුගේ රැලි වල සෙනග විශාල වශයෙන් සිටින බවද පෙනේ. අවුරුදු 18 – 35 අතර තරුණ පිරිස් ඔහුට ඡන්දය භාවිතා කිරීමට ඉඩ තිබේ. එමෙන්ම ඔහුගේ දූෂණ විරෝධී සහ ද්‍රාවිඩ ජාතිකවාදී අදහස නිසා මැදිවයසේ සහ වයස්ගත ඡන්ද දායකයන් ද ඔහුට ආකර්ෂණය වීමට ඉඩ තිබේ.
තමිල්නාඩුවේ ඡන්ද දායකයන් මිලියන 63කට මදක් වැඩියෙන් සිටියි. කෙසේ වෙතත් එහි ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත අධ්‍යනය කිරීමේදී එම ප්‍රතිශතයේ සාමාන්‍යය 70% – 75% ලෙස ගත හැක. විධාන සභාවේ ආසන 235ක් ඇත. එනම් 118ක සරල බහුතරයක් ආරක්ෂා කර ගත යුතුව. එනම් විජේගේ තාක්ෂණික අපේක්ෂාව ඡන්ද මිලියන 20 – 25 අතර වේ. කෙසේ වෙතත් විජේ සතුව අවම වශයෙන් මිලියන 2-3 ස්ථාවර ඡන්ද පදනමක් ඔහුගේ සක්‍රීය රසික ප්‍රජාව අතර සිටියි. ඔහු අරඹන්නේ එතැනිණි. කෙසේ වෙතත් ඔහුට භූමියේ වඩාත් සංවිධානාත්මක හැකියාවක් ද අවශ්‍ය බව මෙහි ලා සඳහන් කළ යුතුව තිබේ. කෙසේ වෙතත් විජේ පදනම් කරගත් භූමියේ ක්‍රියාත්මක රසික සංවිධාන දශක කීපයක් ඉන්දියාවේ පවතින බවද පැවසිය යුතුයි. ශ්‍රී ලංකාවේ ද ඔහුගේ සැලකියයුතු රසික ප්‍රජාවක් සිටියි.
තවත් විචාරකයන් පවසන්නේ විජේගෙ දේශපාලන ප්‍රතිපත්ති අලුත් නොවන බව සහ ඒවා අනෙක් පක්ෂ වලින්ද ප්‍රකාශ කර ඇති බවයි. එමෙන්ම ඔහුගේ කතා දේශපාලන හරායාත්මකව වටිනාකමක් ද නැති බව එම තර්ක වල සඳහන්. නමුත් දකුණු ආසියාවේ කිසිදු රටක් ඉතිහාසයේ කිසිදු අවස්ථාවක දේශපාලන හරයාත්මක ප්‍රතිපත්ති මත කිසිදු දේශපාලඥයෙකු ජයග්‍රහණය කරවා නැත. ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, මාලදිවයින, බංගලාදේශය, නේපාලය, භූතානය සහ ඇෆ්ඝනිස්තානය යන රටවල දේශපාලනය ක්‍රියාත්මක වන්නේ හැඟීම් සහ රැලි පදනම් කරගෙනම පමණයි. එසේ නොවූ කිසිදු අවස්ථාවක් මෙම කලාපයේ අපට හමු නොවේ. එබැවින් විජේ සාධකය කිසිසේත් සුළුපටු නොවේ.
ඉන්දියානු පාර්ලිමේන්තුවේ ආසන 543 න් තමිල්නාඩුව නියෝජනය කරන ආසන ප්‍රමාණය 39 කි. සාමාන්‍යයෙන් තමිල්නාඩුවේ දේශපාලන හැසිරීම නිරීක්ෂණය කරද්දී පැහැදිලිවම පෙනෙන කරුණ වන්නේ තමිල්නාඩුවේ ඉදිරියට පැමිණෙන බලවේගයට ඉන්දියාවේ රජුන් තනන්නාගේ භූමිකාවද නිතැතින්ම හිමිවන බවය. අතීතයේදී ජය ලලිතා සහ කරුණා නිධි දෙපාර්ශවයම එක් එක් අවස්ථා වල රජුන් තනන්නන් බවට පත් විය. කරුණාගේ පාර්ශවය යම් මට්ටමකට දුබල වෙමින් ජයලලිතා පාර්ශවය දකුණු ඉන්දියාව තුළ දේශපාලන ඒකාධිකාරයක් ගොඩ නගා ගද්දී ඉන්දියාවේ ගාන්ධිවරුන්ටත් BJP පක්ෂයේ ප්‍රබලයන්ටත් ජයලලිතා සිදු කල බලපෑම සුළුපටු නොවේ.
තලපති විජේගේ කච්චතිව් ප්‍රකාශය බරපතළ වන්නේ මේ පසුබිම තුළය. අනූව දශකයේ සිනමාවට එද්දීම විජේව සිනමා රසිකයන් හැදින්වූයේ ඉලය තලපති විජේ ලෙසිනි. රජිනිගෙන් පසු දෙමළ සිනමාවේ ඔටුන්න හිමි කුමරු ලෙස විජේ අනූව අගභාගයේ සිට කැපී පෙනෙන්නට සමත් විය. ඔහුගේ සමකාලීනයන් වූ තල අජිත් සහ සූර්යයා සමග කරට කර සිටි ඔහු 2010 පමණ වෙද්දී දේශපාලනයට වඩාත් සංවේදී චිත්‍රපට සමගින් වෙනම අනන්‍යතාවයක් ගොඩ නගා ගත්තේය. දැන් විජේ සිනමාවට සමුදී පූර්ණකාලීන දේශපාලනයකට ප්‍රවිෂ්ඨ වෙමින් සිටින්නෙකි. එය කමාල් හසන් මක්කල් නීධි මයියම් පක්ෂය තනාගනිමින් දේශපාලනයට පැමිණියාට වඩා ප්‍රබල ප්‍රවේශයකි. කරුණාගේ දේශපාලන රාජධානියේ වත්මන් පුරුක වන ස්ටාලින්ටද දැනෙන මට්ටමේ දේශපාලන ප්‍රවේශයකි. ඔහුගේ දේශපාලන ජීවිතය කමාල් හසන්, හෝ රජිනිට වඩා සුප්‍රකට එම් ජී ආර්ට සමානය.
M.G. රාමචන්ද්‍රන් යනු ලංකාවටත් ඉන්දියාවටත් දැනෙන මතකයන් රැසක් ගෙන දුන් නායකයෙකි. මක්කල් තිලගම් නමින් ගරු නාම ලැබූ ඔහු දෙමළ සිනමාවේ පළමු දැවැන්ත සුපිරි තරුවයි. ලංකාවේ උපත ලබා දකුණු ඉන්දියානු සිනමාවේ ඉහළටම ගිය එම් ජී ආර් අවසානයේ නැවතුනේ තමිල්නාඩුවේ මහ ඇමති පුටුවේය. ලංකාවේ එවක ක්‍රියාත්මක වූ එල් ටී ටී ඊ සංවිධානය සම්බන්ධයෙන් ඉන්දියානු ප්‍රතිපත්ති වලට පවා බලපෑම් කරන තරමට එම් ජී ආර් ප්‍රබල විය. තලපති විජේ ගේ සිනමා වීරයා මෙන්ම දේශපාලන වීරයා වූයේද එම් ජී ආර් ය. දැන් විජේ යන්නේ ඒ අඩිපාරේය.
ලංකාවේ ජාතිවාදී දේශපාලනය විජේගේ ආගමනය තම වාසියට භාවිතා කරනවා විය හැකියි. කෙසේ වෙතත් ලංකාවේ මධ්‍ය වාමාංශික පක්ෂ (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි) හඳුන්වා දුන් සැමට සිනා – හෙවත් නොබැඳි ප්‍රතිපත්තිය යටතේ ලංකාවට කිසිදා රාජ්‍ය තාන්ත්‍රික බලයක් තිබුණේ නැත. ලංකාවට එවැනි කේවල් කිරීමේ හැකියාවක් තිබුණේ දක්ෂිණාංශික ඇමරිකානු සහ බටහිර හිතවාදී පාලනයන් තිබූ කාලයේ පමණයි. ලංකාවේ සමහරුන්ට බටහිර සමඟ තිබෙන වෛරය කුමක්දැයි අපට නම් පැහැදිලි නැත. සමහරුන් ටයි කෝට් අඳින ඉංග්‍රීසි කතා කරන පන්තියට ද වෛර කරයි. මේවා ශ්‍රී ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වලින් ද එහි හිලෑ කරන ඉගෙනුම ලබන පිරිසට කවනු ලබයි. ඔවුන් ඒ අදහස් ජීවිත කාලයම රැගෙන යති.
කෙසේ වෙතත් ඉදිරියේ දී එන භූ දේශපාලන අභියෝග හමුවේ ඒ සිඟිති විනෝදයන් සහ පොතේ උගතුන් වෙනුවට දැක්මක් ඇති නව අදහස් ලක් පොළොවේ පැළ කළ හැකි රාජ්‍ය තාන්ත්‍රික විශේෂඥයින් කැඳවිය යුතුව තිබේ.
අනුරාධ බර්නාඩ් සහ ශාලිත කැමරූන්
භූදේශපාලන සහ ආරක්ෂක විශ්ලේෂකයන්
වෙස්ට් විව් රාජ්‍යතාන්ත්‍රික සහ භූදේශපාලන විශේෂඥතා ආයතනය
Anuradha Bernard & Shalitha Cameron
Geopolitical and Defence Analysts
WestVU Institute for Diplomacy and Geopolitical Expertise