පාකිස්ථාන දේශසීමා පළාත් වන බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා හි සිදු වූ ප්‍රහාර තුනකින් අවම වශයෙන් 22 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, නිරිතදිග පාකිස්ථානයේ ක්වේටා නගරයේ දේශපාලන රැලියක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බවයි එරට පොලිසිය පවසන්නේ.

එමෙන්ම තවත් 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *