මියගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළට. 15ක් රෝහල්ගත කෙරේ. – ශ්‍රී ලංකා යුධ හමුදාව. (Sep 05 / 00:42)

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට නුදුරු මවුන්ට් 07 හෝටලය අසලින් අඩි 1000ක පමණ ප්‍රපාතයට බස් රථයක් පෙරලී තිබෙනවා. මේ අනතුරෙන් 4ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළා.

එමෙන්ම තවත් පිරිසක් මේ වනවිට බදුල්ල මහරෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇති අතර, අනෙකුත් පිරිස මුදා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් බවයි පොලිසිය පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *