ඇල්ල පොලිස් වසමේ, ඇල්ල වැල්ලවාය මාර්ගයේදී විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් සැප්. 4 දින රාත්‍රියේ අඩි 1,000ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, රියැදුරු සමග බස් රථයේ මගීන් 30 දෙනෙකු ගමන් කර ඇති බව ය.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 23 හා 24 කණු අතර ප්‍රදේශයේදී ඊයේ (සැප්. 4) රාත්‍රී 9:00ට පමණ මෙම අනතුර සිදුව ඇත.
මෙම සිදුවීම පෙළගැස්වෙන අලුයම අප වෙත ලැබුණු තොරතුරු අනුව අප බස් රථයේ මගීන් ඇතුළු 35 දෙනෙකු ගමන් කළ අතර එයින් 15 දෙනෙකු සහ තවත් ගලවාගැනීමට සම්බන්ධ වූ අයෙක් මියගිය බවට තොරතුරු සඳහන් කළා. කෙසේ වෙතත් මෙවැනි හදිසි අවස්ථාවක එවැනි තොරතුරු අඩුපාඩු සිදුවීම සාමාන්‍ය බැවින් අප එම පුවත් ඉවත් කිරීමට කටයුතු කළේ නැති අතර දැනට තිබෙන වඩාත්ම යාවත්කාලීන තොරතුරු ලෙස මෙම තොරතුරු ඉදිරිපත් කරයි.
අනතුර සිදුව ඇත්තේ කෙසේ ද?
බස් රථය ඉදිරියෙන් පැමිණි ජීප් රථයක සහ මාර්ගයේ ආරක්‍ෂිත යකඩ වැටෙහි ද ගැටී අඩි 1,000ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇතැයි පොලිසිය පැවසීය.
දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අනතුරට ලක් වූ පිරිස තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණ නැවත ආපසු යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බව ය.