රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයකින් යුක්‍රෙන රජයේ ප්‍රධාන ගොඩනැගිල්ලකට හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ රුසියාව විසින් මෙම ප්‍රහාරය සඳහා මිසයිල සහ ඩ්‍රෝන යානා යොදාගෙන ඇති බවත් එමගින් ඔවුන් කියෙව් නගර මධ්‍යයේ ඇති ගොඩනැගිලි ඉලක්ක කර ඇති බවත්ය.

එමෙන්ම නගරයේ ඇති බහු මහල් නේවාසික ගොඩනැගිලි කිහිපයකටම රුසියාව විසින් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාර හේතුවෙන් එම ගොඩනැගිලි කිහිපයක්ම අර්ධ වශයෙන් හානියට පත්ව ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් වේ.

ප්‍රහාර හේතුවෙන් මේ වන විට යුක්‍රේනයේ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇතැයිද සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *