නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ තරුණයින් ඇතුළු මිනිස් ඝාතන තමා හෙළා දකින බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.

පාර්ලිමේන්තුවට සහ අධිකරණයට ගිනිතැබීම නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ විශාල අගෞරවයක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවේදනයේ අවධාරණය කර තිබේ.

කෙසේ වුවත් අවසානයට ඉතිරි වුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයක් නොමැති නේපාලයක් බවත් රට තුළ සාමය ඇති කර ව්‍යවස්ථානුකූල ඡන්දයක් පැවැත්වීම පාලනය, බලය ගත් හමුදාවේ වගකීම බවද රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවේදනයේ සඳහන් කර ඇත.

බුදුන්වහන්සේ උපත ලැබූ නේපාලය ශ්‍රී ලංකාව සුවිශේෂී රටක් වන අතර, මෙවැනි මිලේච්ඡ ක්‍රියා කිසිසේත් අනුමත කළ නොහැකි බවද වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

එනිසා බුදුන් වහන්සේ දේශනා කළ ‘සප්ත අපරිහානී ධර්මය’ නේපාලයේ වත්මන් පාලනය ආදර්ශයට ගනු ඇතැයි අපේක්ෂා කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සම්පූර්ණ නිවේදනය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *