ඇමරිකානු දේශපාලනයේ තරුණ නැගී එන නායකයෙකු වූ චාලි කර්ක් පසුගිය සැප්තැම්බර් 10 වනදා යූටා විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පැවති එළිමහන් සමුළුවක් අතරතුර ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයකට ලක් වුණා. ඉන්පසුව රෝහල් ගත කෙරුණු ඔහු එහිදී ජීවිතක්ෂයට පත්වුණා. ඔහු දරුවන් දෙදෙනෙකු සිටින විවාහකයෙක්.
මේ වන විට ඔහුගේ දේහය ඇමරිකා එක්සත් ජනපද වල උප ජනාධිපතිගෙ නිල ගුවන් යානය වන එයාර් ෆොස් 2 යානයෙන් ඔහුගේ නිවාස පිහිටා ඇති ෆීනික්ස් වෙත රැගෙන විත් තිබෙනවා. ඔහුගේ අභාවය සැලවූ වහාම ඇමරිකා එක්සත් ජනපද පුරා ජාතික ධජය අඩකුඹු කරන ලෙස රාජ්‍ය දෙපාර්තුමේන්තුව නියෝග කර තිබුණා. ඔහුගේ දේහය සමඟ ඇමරිකානු උප ජනාධිපති ජේ ඩී වෑන්ස් සහ ඒම ආර්යාවද ෆීනික්ස් වෙත පැමිණියා.
චාලි යනු ලොව පුරා දක්ෂිණාංශික බටහිර සම්ප්‍රදායිකත්වය පිළිගන්න බොහෝ පිරිසකගේ ගෞරවාදරයට පාත්‍ර වූ තරුණ නායකයෙක් ලෙස හැඳින්විය හැකියි. ඔහුගේ අභාවය පිළිබඳව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ බටහිර දක්ෂිණාංශික කඳවුරේ රටවල් වල බොහෝ දේශපාලඥයින්, රජයන්, ව්‍යාපාරිකයන් තම ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු වාමාංශික අදහස් කරපින්නාගත් උගතුන් බිහි කරන සම්ප්‍රදායික විශ්ව විද්‍යාල තුලටම ගොස් ඔවුන්ගේ අදහස් වලට අභියෝග කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව බොහෝ දකුණු කඳවුරේ අදහස් දරණ පිරිසගේ අදහසයි.
ශ්‍රී ලංකාවේ දකුණු කඳවුර නමින් හැඳින්වෙන ශාස්ත්‍රීය දේශපාලන මණ්ඩපයද මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබුණා.