ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ.

සෑම වසරකම සැප්තැම්බර් 29 වනදා හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින් හදවත් දිනය සමරනු ලැබේ.

ලොව වැඩිම පිරිසකට මරණය ගෙන දෙන රෝගී තත්ත්වයක් ලෙස හදවත් රෝග සැලකිය හැකි අතර ලෝක හදවත් දිනය ප්‍රකාශයට පත් කිරීම මගින් බලාපොරොත්තු වන්නේ ඒ පිළිබද දැනුවත් කර එමගින් සිදුවිය හැකි මරණ අවම කර ගැනීමය.

මෙවර හදවත් දිනයේ තේමාව වන්නේ ”සෑම හෘද ස්පන්දනයක්ම වැදගත්. කිසිම හෘද ස්පන්දනයකට අකාලේ මිය යන්න දෙන්න එපා” යන්න වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *