අග්නිදිග ආසියානු ආර්ථිකයන් සමග සබඳතා ශත්කිමත් කර ගැනීමේ අරමුණින් චීන ජනාධිපති ෂී ජින් පින් වියට්නාමයේ සංචාරයක නිරතව තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු හේතුවෙන් කැළඹී ඇති අපනයන මත යැපෙන අග්නිදිග ආසියානු ආර්ථිකයන් සමග සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා චීන ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ සඳහා චීන ජනාධිපතිවරයා විසින් වියට්නාමය, මැලේසියාව සහ කාම්බෝජය යන රටවල සංචාරයක නිරත වන බවය.
වියට්නාම සංචාරයේදී එරට මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති චීන ජානාධිපතිවරවයා පවසා ඇත්තේ වෙළෙඳ යුද්ධය සහ තීරුබදු යුද්ධය ජයග්‍රාහකයෙකු බිහි නොකරන බවය.
එමෙන්ම ඔහුගේ මෙම සංචාරය තුළදී වියට්නාමය සහ චීනය අතර විවිධ අංශවලට අදාළ ගිවිසුම් 40ක් පමණ අත්සන් කරනු ඇති බව වියට්නාම නියෝජ්‍ය අගමැති බුයි තන් සොන් මාධ්‍ය වෙත පවසා තිබේ.
අමෙරිකා එක්සත් ජනපදය වියට්නාමයේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළ වන අතර අමෙරිකා එක්සත් ජනපද අපනයන වියට්නාමයේ දළ දේශීය නිශ්පාදිතයෙන් 30%ක් පමණ වේ. එමෙන්ම චීනය වියට්නාමයේ ඉහළම ආනයන ප්‍රභවයද වේ.
චීන ජනාධිපතිවරයාගේ අදින් ඇරඹුණු මෙම සංචාරයෙන් පසු ඔහු හෙට දිනයේදී මැලේසියාව සහ කාම්බෝජය බලා පිටත් වීමට ද නියමිතය.