ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් ඉන්දියාව සහ පකිස්තානය සටන් විරාමයක් සදහා එකග කරවාගෙන ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කර ඇත. ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ උප ජනාධිපති වාන්ස් විසින් ඉන්දියානු සහ පාකිස්තාන අග්‍රාමාත්‍යවරුන් දෙපළ සහ අනෙකුත් නායකයන් සමග ගතවූ පැය 48 තුළ පැවැත්වූ සාකච්ඡා වලින් අනතුරුව මෙම තීරණය සදහා දෙපාර්ශවය එකග කරවාගෙන ඇත. පාකිස්තානය සහ ඉන්දියාවේ මිලිටරි සහ වෙළද කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජනපදය විසින් ලබා දෙන දායකත්වය උපයෝගී කරගෙන දෙරට අතර මැදිහත් කරුවා වීමට එක්සත් ජනපදය කටයුතු කල බව මාර්කෝ රූබියෝ සදහන් කර සිටියේය. පකිස්තානයේ සහ ඉන්දියාවේ විදේශ ඇමතිවරුන් මේ බව තහවුරු කර තිබේ.