තායිවානය පළමු වරට එක්සත් ජනපදය විසින් සපයන ලද නව රොකට් පද්ධතියක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එය රුසියාවට එරෙහිව යුක්‍රේනය විසින් බහුලව භාවිත කර ඇති අතර තායිවානය සමග යුද්ධයක් ඇති වුවහොත් චීනයේ ඉලක්කවලට පහරදීමට යෙදවිය හැකි බව පැවසෙයි.
විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොමැති නමුත් එක්සත් ජනපදය තායිවානයේ වැදගත්ම ආයුධ සැපයුම්කරු බව විදෙස් මාධ්‍ය කියයි.
එමෙන්ම තායිවානය චීනයෙන් එල්ල වන හමුදාමය පීඩනයකට මුහුණදී සිටින රටකි.