ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන පාකිස්තාන නිලධාරියෙකුට පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යන ලෙස දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ එම නිලධාරියා ඉන්දියාවේ නිල තත්ත්වයට නොගැලපෙන ක්‍රියාකාරකම්වල යෙදීම සම්බන්ධයෙන් ඉන්දීය රජය විසින් නීති විරෝධී පුද්ගලයෙකු ලෙස ඔහුව ප්‍රකාශයට පත් කර ඇති බවය.
එමෙන්ම අද (13) ඒ සම්බන්ධව පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ භාරකාර කාර්යාලයට නියෝගයක් නිකුත් කර ඇති බව එහි සඳහන් වේ.