කිසිදු අසල්වැසි රටකට එරෙහිව තම භූමිය භාවිත කිරීමට නේපාලය ඉඩ නොදෙන බව එරට අගමැති කේ. පී. ෂර්මා එරට ඉන්දීය තානාපති වෙත සහතික වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාව සහ පාකිස්තානය අතර උත්සන්න වන ආතතීන් මධ්‍යයේ නේපාල අගමැතිවරයා මෙම ප්‍රකාශය සිදුකර තිබීම විශේෂත්වයකි.
ඉකුත්දා සිදුවූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්තානය අතර උත්සන්න වූ ආතතීන් පිළිබඳව නේපාලයේ ඉන්දීය තානාපතිවරයා විසින් නේපාල අගමැති දැනුවත් කිරීමෙන් පසු නේපාල අගමැතිවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත.
ත්‍රස්තවාදය පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කරමින් නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශයද පවසා ඇත්තේ මෙම ඛේදනීය කාල පරිච්ඡේදයේදී නේපාලය සහ ඉන්දියාව සහයෝගීතාවයෙන් කටයුතු කරන බවය.