භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි (බී.ආර්. ගවයි) ඉන්දියාවේ 52 වන අගවිනිසුරුවරයා ලෙස අද (මැයි 14 වැනිදා) දිවුරුම් දුන්නේය.
ඉන්දියාවේ පළමු බෞද්ධ අගවිනිසුරුවරයා බවට පත්වූ ඔහු විනිසුරු බාලක්‍රිෂ්ණන්ගෙන් පසු අගවිනිසුරු ධූරයට පත් දාලිත් කුලයේ දෙවැන්නා බවට පත්විය.
64 හැවිරිදි ගවයි ඉන්දියාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති ද්‍රෞපදී මුර්මු ඉදිරියේ රාෂ්ට්‍රපති භවන්හි පැවති චාම් උත්සවයකදී දිවුරුම් දෙන ලදී.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 65 කි.
මෙතෙක් එම ධූරය දරූ අගවිනිසුරු සංජීව් ඛන්නාගේ ධූර කාලය මැයි 13 වැනිදා අවසන් විය.
මීළඟ අගවිනිසුරුවරයා ලෙස විනිසුරු භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි (බීආර් ගවයි) ගේ නම නිර්දේශ කරනු ලැබුවේ විනිසුරු ඛන්නා විසිනි.