ගාසා තීරය මේ වන විට මුළුමනින්ම සිය හමුදා පාලනය යටතේ පවතින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

ඊශ්‍රායලය පසුගිය සිකුරාදා සිට ගාසා තීරයේ සිය හමුදා මෙහෙයුම් වැඩි කළේ ය.

ඒ අනුව ගතවු පැය 24  තුළ පමණක් ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් ගාසා තීරයේ මියගොස් ඇති පලස්තීනුවන් ගණන 83 කි.

මේ අතර ගාසා තීරයේ ළමුන්ගෙන් 93% කට අධික පිරිසක් එනම්, නව ලක්ෂ 30,000 ක් පමණ තවමත් සාගත තත්ත්වයක පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබේ.

ඒ පසුගිය මාර්තු 02 වන දින සිට ගාසා තීරයට ආහාර හෝ ආධාර ට්‍රක් රථ ඇතුළු වීම ඊශ්‍රායලය විසින් අවහිර කර ඇති පසුබිමකදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *