නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා සංචාරයක් සඳහා අද (24) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ වින්ස්ටන් පීටර්ස් මහතා ලබන 28 වැනිදා දක්වා ලංකාව තුළ රැඳී සිටින බවයි.

මෙම සංචාරය අතරතුරදී නවසීලන්ත නියෝජය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග මෙන්ම අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, වින්ස්ටන් පීටර්ස් මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමග වෙළඳ හා ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාවය, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික සාකච්ඡාව පවත්වනු ඇති බවයි.

නියෝජ්‍ය අගමැතිවරයා සමග නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු ද මෙම සංචාරයට සහභාගී වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *