ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි රිච්ටර් මාපකයේ 5.2 ක භූමිකම්පාවක් සහ 4.1 ක පසු කම්පනයක් ඇති වී තිබේ.
ඕස්ට්‍රේලියාවේ භූ කම්පන විද්‍යාඥයින් පැවසුවේ සෙනසුරාදා අලුයම 2.36 ට ඔරානා කලාපයේ මුල් භූමිකම්පාව ඇති වූ අතර පසුව අලුයම 2.43 ට ඒ අසල තවත් භූමිකම්පාවක් ඇති වූ බවයි.
මූලික තොරතුරුවලින් පෙනී ගියේ භූමිකම්පා දෙකම කිලෝමීටර 10 ක ගැඹුරකින් සිදු වූ බවයි.
උදෑසන 5.43 ට කලාපයේ රික්ටර් මාපකයේ 3.6 ක භූමිකම්පාවක් ද වාර්තා විය.
භූ කම්පන විද්‍යාඥයින්ට අනුව, ඕස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් සෑම වසර එකකට හෝ දෙකකට වරක් 5.0 ට වැඩි භූමිකම්පා සිදු වේ.