ලයිබිරියාවේ ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ විජින්ජාම් වරායෙන් පිටත්වීමෙන් පසු පෙරළී ගොස් ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

නෞකාව අනතුරට පත්වන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු සිට ඇති අතර ඉන් 21 දෙනෙකු මුදවාගෙන ඇති බවත් වාර්තා වේ.

මෙම නෞකාව ඉන්දියාවේ විජින්ජාම් වරායේ සිට ඉන්දියාවේ කොචි වරය බලා පිටත්ව යමින් සිටියදී නෞකාව මෙලෙස අනතුරට පත්ව ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

නිරිතදිග මෝසම ආරම්භ වීමත් සමග ඇති වූ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වන අතර එම නෞකාව ඉන්දියානු වේලාවෙන් රාත්‍රි 10 වන විට කොචි වරාය වෙත ළඟා වීමට නියමිතව තිබුණ බවද එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී කාර්ය මණ්ඩල සාමාජිකයින් 24කට ආසන්න සංඛ්‍යාවත් නෞකාව තුළ සිට ඇති අතර ඔවුන් ජීවිතාරක්ෂක කබා භාවිතයෙන් බේරිමට සමත්ව ඇති අතර ඉතිරි කාර්ය මණ්ඩලය ගලවා ගැනීම සඳහා මේ වන විට ඉන්දියාව මෙහෙයුම් ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් නෞකාවේ ඇති අනතුරුදායක භාණ්ඩ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය දැනුවත් ඉන්දියානු ජනතාව වෙත දැනුවත් කර ඇත්තේ වෙරළට ගසාගෙන යා හැකි ඕනෑම බහාලුම් හෝ සැක සහිත ද්‍රව්‍යක් දුටුවත් ඒ පිළිබඳව වහාම අදාළ අංශ වෙත දැනුවත් කරන ලෙසය.

ඒ අනුව කේරළය පුරා වෙරළබඩ ප්‍රදේශවල ශබ්ද විකාශන හන්ත්‍ර හරහා වෙරළබඩ පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කිරීම ආරම්භ කර ඇති බවත් ජනතාව නිරන්තර අවදියෙන් සිටින ලෙසත් වෙරළට ගසාගෙන යා හැකි හඳුනා නොගත් වස්තූන් වෙත ළඟා නොවන ලෙසත් මේ වන විට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට අදාළ බලදාරීන් පියවර ගෙන ඇති බවත් ඉන්දියානු මාධ්‍ය වැඩිදුරටන් වාර්තා කර තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *