ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොල නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇතැයි ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මේ හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කරන පිරිස් තම පැමිණීම නැවත දැනුම් දෙනතුරු පමා කරන ලෙස තානාපති කාර්යාලය දැනුම් දී ඇති අතර මෙම නිවේදනය ශ්‍රී ලංකාව බලා පිටත්ව යන පිරිස් වෙතද වලංගු බවද සඳහන් කර තිබේ.

එමෙන්ම ඊශ්‍රායලය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර සියලු කාර්යාලය හා වැඩබිම්වල කටයුතු ද නවතා දමා ඇති බවද තානාපති කාර්යාලය පවසයි.

මේ හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට සිය ආරක්ෂාව සලසා ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති අතර සතුරු පාර්ශ්වයන්ගෙන් ඉල්ල විය හැකි ප්‍රහාර හමුවේ ආරක්ෂිතව සිටින ලෙසද එරට වෙසන ශ්‍රී ලාංකිකයින්ගෙන් තානාපති කාර්යාලය ඉල්ලා සිටියි.

තවද සියලු ප්‍රවාහන කටයුතු නවතා දමා ඇති බවත් හදිසි අවස්ථාවක ගිලන් රථ සේවා ක්‍රියාත්මක කර ඇති බවත් තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය 24 පුරා දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවත් තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබේ.

සෑම අවස්ථාවකදීම බීමට අවශ්‍ය ජලය හා වියලි  ආහාර ළඟ තබා ගන්නා ලෙසත්, ඖෂධ භාවිතා කරන පිරිස නිරන්තරයෙන් ඒවා තමාගේ ආසන්න ස්ථානයක තබා ගන්නා ලෙසත් තානාපතිවරයා විසින් වැඩිදුරටත් දන්වා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *