ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවති යුද්ධයේදී මරණයට පත් වූ ඉරාන හමුදා ප්‍රධානින් සහ න්‍යෂ්ටික විද්‍යාඥයන් 60 කට ආසන්න පිරිසකගේ අවසන් කටයුතු ඉරානයේ ටෙහෙරාන් නගරයේදී පවත්වනු ලැබීය. ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධාන ජෙනරාල් හුසේන් සලාමි, ජෙනරාල් අමීර් අලී වැනි ප්‍රමුඛ පෙළේ හමුදා නායකයන් මේ අතර වෙති. දහස් සංඛ්‍යාත ජන සාභාගීත්වයකින් පැවැත්වූ මේ අවමංගල්‍ය අවස්ථාව සදහා ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි සහභාගී නොවීම විශේෂත්වයකි.

ඉරාන රජයේ වාර්තා පෙන්වා දෙන පරිදි දින 12 ක් පුරාවට පැවති ඊශ්‍රායල – ඉරාන යුද්ධයේදී ඉරාන පාර්ශවයේ 627 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඊට සිවිල් වැසියන්ද ඇතුළත්ය. ඊශ්‍රායල නිල වාර්තා පෙන්වාදෙන පරිදි ඉරාන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ සිවිල් වැසියන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *