රුවන්ඩාව සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අතර ඉකුත් 27 වනදා වොෂින්ටනයේ දී අත්සන් තැබූ ගිවිසුම තුළින් දෙරට අතර දශක ගණනාවක් පුරා පැවති ගැටුම්කාරී තත්වයන් නිමාවට පත්ව ඇත. මේ සුවිශේෂී අවස්ථාව සදහා දෙරටේ විදේශ අමාත්‍යවරුන්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ. ඩී. වාන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ දේශපාලන නායකයින් රැසක් සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සදහන් කර සිටියේ අවම වශයෙන් මිලියන හයකට ආසන්න ජීවිත අහිමි කෙරුණු බිහිසුණු කොංගෝ -රුවන්ඩා යුද්ධය අවසන් කිරීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.

කොංගෝ රුවන්ඩා අර්බුදය මෑත කාලින ඉතිහාසයේ සිදුවුනු වඩාත් සංකීර්ණ සහ ව්‍යසනකාරී මානව ඛේදවාචකයන් අතුරින් එකක් ලෙස සැලකේ.

රුවන්ඩාවේ විදේශ අමාත්‍යවරයා දෙරට අතර ඇති වුනු සාම ගිවිසුම සුවිශේෂී සන්ධිස්ථානයක් බව සදහන් කර සිටියේය. සාම ගිවිසුම අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා එක්සත් ජනපදයේ දායකත්වය සහ මැදිහත් වීම ඉදිරියටත් අත්‍යවශ්‍යය බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

කොංගෝ විදේශ අමාත්‍යවරිය සදහන් කලේ මේ අවස්ථාව සංහිදියාව සහ ප්‍රතිස්ථාපනය සදහා ආරම්භයක් වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *