ඉන්දියාව සහ අමෙරිකාව අතර අන්තර්වාර වෙළෙඳ ගිවිසුමක් අවසන් කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සඳහා ඉන්දීය සහ අමෙරිකානු නියෝජිතයින් අතර වොෂින්ටනයේ සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවද වාර්තා වෙයි.

එක්සත් ජනපද තීරුබදු විරාමය ඉවත් කිරීමට නියමිත ජූලි 9 වනදාට  පෙර මෙම වෙළෙඳ ගනුදෙනුවට එළඹීමට දෙපාර්ශ්වය බලාපොරොත්තු වෙයි.

ඉන්දියාව අමෙරිකාවෙන් පාවහන්, ඇඟලුම් සහ සම් ආශ්‍රිත නිෂ්පාදන අපනයන සඳහා අර්ථවත් තීරුබදු සහන අපේක්ෂාවෙන් සිටින බවද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *