සයිප්‍රස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යලයක් විවෘත කිරීමට සූදානම් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා. 

ඒ අනූව ජුලි මස 20 වන දින සිට සයිප්‍රස් රාජ්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකියන්ට තානාපති සේවය ලබා ගැනීමට හැකි වන බවයි ඔහු පවසන්නේ. 

මෙම තානාපති කාර්යාලය විවෘත කිරීමට අදාළව සයිප්‍රස් රජයේ අනුමැතිය හිමි වී ඇති අතර අලුතින් විවෘත වන මෙම තානාපති කාර්යලයේ කටයුතු ඇරඹීමට අමාත්‍යංශයෙන් පත්කළ දූත මණ්ඩලය ජුලි මස 15 වන දින එරට බලා යාමට නියමිතයි. 

මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ, සයිප්‍රස්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා සයිප්‍රස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යලය නැවත වීවෘත කිරීමට තීරණය කළ බවයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *