ලබන සඳුදා රුසියාව සම්බන්ධව වැදගත් ප්‍රකාශයක් නිකුත් කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ NBC පුවත් සේවයට සාකච්ඡාවක් ලබාදෙමිනි.

නේටෝ සංවිධානය අමෙරිකානු අවි මිලදී ගෙන ඒවා යුක්‍රේනය වෙත යැවීමේ සැලසුමක් පවතින බවට ද එහිදී ට්‍රම්ප් වැඩිදුරටත් අනාවරණ කළේය.

ජනාධිපති ට්‍රම්ප්ට අනුව අමෙරිකානු ඩොලර් මිලියන 300ක පමණ වටිනාකමකින් යුත් එම ආයුධ සඳහා වන සම්පූර්ණ පිරිවැය දරන්නේ නේටෝ සංවිධානයයි.

මේ අතර අමෙරිකාව යුක්‍රේනය වෙත යැවීමට සැලසුම් කර තිබූ ආයුධ තොග බෙදාහැරීම නතරකිරීමට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් තීරණය කර ඇත්තේ තම අනුදැනුමකින් තොරව බවත් ජනාධිපති ට්‍රම්ප් මෙහිදී පවසා තිබුණි.

ඔහු මේ අදහස් පළකළේ රුසියාව, යුක්‍රේනයේ කියෙව් අගනුවර ඇතුළු කලාප රැසක් වෙත ඩ්‍රෝන සහ මිසයිල යොදාගෙන දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරමින් සිටින පසුබිමකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *