අත්දැකීම් බහුල රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන එරික් මේයර් මහතා මෙරට ඇමරිකානු තානාපති ලෙස පත් කිරීමට යෝජනා වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේයර්ගේ නම එක්සත් ජනපද සෙනට් සභාවට සනාථ කිරීම සඳහා ඉදිරිපත් කර ඇත. සෙනෙට් අනුමැතියෙන් පසුව වත්මන් තානාපතිනී ජූලි චංග් මැතිණිය ගේ අනුප්‍රාප්තිකයා ලෙස එරික් මහතා ශ්‍රීලංකාවේ සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
විදේශ සේවා ක්ෂේත්‍රයේ ප්‍රවීන වෘත්තිකයෙකු වන එරික් මහතා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ජේෂ්ඨ කාර්යාංශ නිලධාරියා ලෙස වර්තමානයේ කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ මධ්‍යම ආසියානු රාජ්‍යයන් ඇතුළු කලාප සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් සහිත රාජ්‍යතාන්ත්‍රිකයෙකි.