රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමග සිකුරාදා පැවැත්වෙන සාකච්ඡාවේදී යුක්‍රේනයට අයත් භූමි ප්‍රදේශයක් ආපසු ලබා දීමට උත්සාහ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියාව යුක්‍රේනයේ විශාල කොටසක් අත්පත් කරගෙන ඇති බවත් එම භූමියෙන් කොටසක් ආපසු යුක්‍රේනයට නැවත ලබා ගැනීමට උත්සාහ කරන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදි පවසා ඇත.
අමෙරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡා ඇලස්කාවේදී පැවැත්වීමටද නියමිතය.
එමෙන්ම රුසියානු ජනාධිපතිවරයා හමුවී විනාඩි දෙක තුනක් ඇතුළත ප්‍රගතියක් ලබා ගත හැකිද යන්න දැනගත හැකි බවත් ට්‍රම්ප් මෙහිදී මාධ්‍ය වෙත පවසා තිබේ.
එමෙන්ම මෙම සාකච්ඡා අතතුර රුසියානු ජනාධිපතිවරයා සාධාරණ ගනුදෙනුවක් යෝජනා කළහොත් යුරෝපීය නායකයින් යාවාත්කාලීන කිරීමට තමන් කටයුතු කරන බවත් පළමුව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමග කතා කරන බවත් ට්‍රම්ප් මෙහිදී පවසා ඇත.
තවද අනාගත රැස්වීමක් සඳහා යුක්‍රේන ජනාධිපතිවරයාද ඇතුළත් විය හැකි බවත් පැවසූ අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ එය සෙලෙන්ස්කි සහ පුටින් ඇතුළත්ව ත්‍රී මාර්ග සැසියක් විය හැකි බවත්ය.