2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (12) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ පර්සීස් තාරුකාව ආශ්‍රිතව සිදුවන බැවින් මෙම උල්කාපාත වර්ශාව පර්සීස් වශයෙන් නම්කර ඇති බවය.
එමෙන්ම මෙම උල්කාපාත වර්ෂාව හොඳින්ම දැකගත හැකි වන්නේ හෙට උදෑසන 5ට පමණ උතුරු දිශාවෙන් බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.