එලොන් මස්ක්ගේ x AI ආරම්භක සමාගමේ සම නිර්මාතෘවරයෙකු වන ඉගෝර් බබුෂ්කින් (Igor Babuschkin), සමාගමෙන් සමුගන්නා බව පසුගිය බදාදා X සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළා.

2023 වසරේදී x AI ආරම්භ කිරීමට සහය දුන් බබුෂ්කින්, එහි ඉංජිනේරු කණ්ඩායම් මෙහෙයවූ අතර, කෙටි කලකින් සිලිකන් වැලියේ ප්‍රමුඛ පෙළේ AI ආකෘති සංවර්ධකයෙකු ලෙස සමාගම ස්ථාපිත කිරීමට දායක වුණා.

බබුෂ්කින් සිය X සටහනේ සඳහන් කර ඇත්තේ, “අද දවස xAI හි මගේ අවසාන දිනයයි. මට තවමත් මතකයි එලොන්ව මුලින්ම හමුවුණු දවස. අපි පැය ගණනාවක් AI සහ අනාගතය ගැන කතා කළා. අපට දෙදෙනාටම හිතුණා වෙනස් මෙහෙවරක් සහිත නව AI සමාගමක් අවශ්‍යයි කියලා,” යනුවෙන්.

ඔහු xAI සමාගමෙන් ඉවත්ව යන්නේ තමාගේම Babuschkin Ventures නම් වූ ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් (venture capital firm) ආරම්භ කිරීමට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සමාගම හරහා, මානව වර්ගයාගේ දියුණුවට සහ විශ්වයේ අභිරහස් විසඳීමට දායක වන ආරම්භක ව්‍යාපාර සඳහා මූල්‍ය ආධාර ලබා දීමටත්, AI ආරක්ෂාව පිළිබඳ පර්යේෂණ සඳහා සහාය දැක්වීමටත් ඔහු බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *