දෙවන ලෝක යුද්ධයේ 80 වන සැමරුම ජපානය අද (15) සමරනු ලැබුවා.

ටෝකියෝවේ නිපොන් බුඩෝකන් පිටියේ පැවති එම සැමරුම සදහා ජපාන අගමැති ෂිගේරු ඉෂිබා සහ ජපානයේ නරුහිටෝ අධිරාජ්‍යයා ඇතුළු 4,000 කට අධික පිරිසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

ඉන් බොහෝ දෙනා වයස අවුරුදු 80 ට වැඩි පුද්ගලයන් වන බව සඳහන්.

එහිදී ජපාන අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතමින්, නැවත කිසි දිනෙක යුද්ධයකට නොයන බවට ප්‍රතිඥා ලබා දී තිබු අතර, එම සිදුවීම ජනතාව කිසිදාක අමතක නොකළ යුතු බවද අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *