රුසියානු සහ ‍යුක්‍රේන ජනාධිපතිවරුන් අතර ඉදිරි සති දෙක ඇතුළත සාම සාකච්ඡාවක් පැවැත්වීමට එකඟ වී ඇති බව ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් පවසනවා.

මෙම තීරණයට එළඹී ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ දුරකථන සංවාදයකින් පසුව බවයි ඔහු පවසා සිටියා.

මර්ස් මෙම ප්‍රකාශය කළේ, යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ අනෙකුත් යුරෝපීය නායකයන් සමඟ වොෂින්ටනයේදී පැවැති සාකච්ඡාවකින් පසුවයි.

එම සාකච්ඡාවේදී යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවෙන් සහ යුක්රේනයෙන් ඉටු විය යුතු ප්‍රධාන කොන්දේසි කිහිපයක් පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා.

මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, සාම සාකච්ඡා ආරම්භ කිරීමට පෙර රුසියාව විසින් යුක්රේන සිරකරුවන් 1,000ක් නිදහස් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

මෙම පියවර සාමය සඳහා ඇති කැමැත්ත ප්‍රදර්ශනය කිරීමක් ලෙස ඔහු අර්ථ දක්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *