යුක්‍රේනයට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රහාරයෙන් කුඩා ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

යුක්‍රේනයේ කාර්කිව් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පස් මහල් ගොඩනැගිල්ලක කොටසක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර මහල් තුනක ගින්නක් ද හටගෙන ඇති බව සඳහන්ය.

ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර වොෂින්ටනයේ පැවති සාකච්ඡාවලට පෙර එම ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *