ස්වීඩනයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු කිරුනා දෙව් මැඳුර වෙනත් ස්ථානයක් කරා ගෙනයාමට එහි බලධාරීන් පියවර ගෙන තිබේ.

වසරේ වැඩිකාලයක් හිමෙන් වැසී ඇති කලාපයක පිහිටා ඇති මෙම කිරුනා දෙව් මැඳුර මෙලෙස රැගෙන යනු ලබන්නේ ඊට කිලෝමීටර් 5ක් දුරින් පිහිටි නව නගර ගොඩනැගිල්ල වෙතය.

දැවෙන් ඉදිකෙරුණු කිරුනා දෙව් මැඳුර වසර 113ක් පැරණි වන අතර, එය රැගෙනයාමේ වෙහෙසකර කටයුත්ත වසර ගණනක සැලසුමක් අනුව සිදුවන්නකි.

පැයකට මීටර් 500ක උපරිම වේගයෙන් රැගෙන යමින් ඇති මෙම දෙව් මැඳුර පිහිටි ගොඩනැගිල්ල රැගෙනයාම සඳහා දින දෙකක් ගත වෙතැයි අපේක්ෂිතය.

කිරුනා දේවස්ථානය මෙලෙස වෙනත් තැනක් වෙත රැගෙන යන්නේ, එය පිහිටි භූමියේ අස්ථාවරත්වය හේතුවෙනි.

එහි භූමිය අස්ථාවර වී ඇත්තේ, කලාපයේ දශක ගණනාවක් සිදුවූ යපස් කැණීම් නිසා බව පැවසේ.

මීටර් 35ක් උස සහ මීටර් 40ක් පළල් වූ කිරුනා දේවස්ථානය බරින් ටොන් 672ක් වේ.

ස්වීඩනයේ පිහිටි 1950 වසරට පෙර ඉදිකළ සුන්දරම ගොඩනැගිල්ල ලෙසද වරෙක එය තේරීපත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *