උතුරු කොරියාව නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බැලූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේ මෙම නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය අත්හදා බලා ඇත.

එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම අවි සඳහා උසස් සටන් හැකියාවක් ඇති අද්විතීය තාක්ෂණයක් භාවිත කර ඇති බවය.

මෙම නව ගුවන් ආරක්ෂක මිසයිල අවි පද්ධතිවලට ප්‍රහාරක ඩ්‍රෝන යානා සහ කෲස් මිසයිල වැනි විවිධ ගුවන් ඉලක්ක වෙත වේගයෙන් ප්‍රතිචාර දැක්වීමේ උසස් සටන් හැකියාවක් ඇති බවත් ඒවායේ ක්‍රියාකාරිත්වය සහ ප්‍රතික්‍රියා මාදිලිය අද්විතීය හා විශේෂ තාක්‍ෂණය මත පදනම් වී ඇති බවත් තක්සේරු කර ඇතැයි ද එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *