පිතිකරණයට විශේෂ දක්ෂතා දක්වන ඔස්ට්‍රේලියා පිලට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජයග්‍රහණ රැසක් අත්කර දුන් මයිකල් ක්ලාක් සමේ පිළිකාවකට ගොදුරු වී සිටින බව ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සඳහන් කර තිබෙනවා.
ඔහු මේ වන විට ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
ඔහු සඳහන් කර ඇත්තේ නිරන්තරයෙන් තමන් ගැන අවදානයෙන් සිටින නිසා ඔහුට මේ පිළිකා අවදානම ගැන කලින්ම දැනුවත් වීමට හැකියාව ලැබුණු බවයි.
ගෝලීය වශයෙන් පවතින අහිතකර UV කිරණ හේතුවෙන් මේ තත්ත්වයට තමන් මුහුණ දී ඇති බවත්, මේ වන විට එවැනි තත්ත්ව පිළිබඳ නිරන්තරයෙන් වාර්තා වන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
කෙසේ වෙතත් මෙවැනි තත්ත්ව පිළිබඳ අතිශ්‍යය අවදානයෙන් පසුවීම වැදගත් බවත් ඒ පිළිබඳව සමාජයේ අන්‍යන් දැනුවත් කිරීම වැදගත් වන බවත් මේ සුපිරි ක්‍රීඩකයා පවසා තිබුණා.