නේපාල විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තුවේ ගොඩනැඟිල්ලකට ගිනිතබා තිබෙනවා.

මීට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය තහනමට එරෙහිව රට පුරා පවතින අඛණ්ඩ විරෝධතා හමුවේ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි ඉල්ලා අස්වුණා.

විදෙස් වාර්තා සදහන් කළේ, භක්තපූර්, බෝල්කොට් හි පිහිටි ඔහුගේ පෞද්ගලික නිවස ද විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බවයි.

පසුගිය දින දෙකෙහි පැවති විරෝධතාවලදී පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසු නේපාලය, ෆේස් බුක් ඇතුලු සමාජ මාධ්‍ය සඳහා පනවා තිබූ තහනම ඉවත් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *