රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මහා පරිමාණ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 49 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ගුවන් ප්‍රහාර යුක්‍රේනයේ කියෙව්, ලුට්ස්ක් නගර ඇතුළුව එරට වයඹ දෙසින් පිහිටි ටර්නොපිල් කලාපයද ඉලක්ක කර ඇතැයි එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ප්‍රහාර සඳහා යුක්‍රේනය ඩ්‍රෝන යානා 400කට අධික සංඛ්‍යාවක් සහ මිසයිල 40කට අධික සංඛ්‍යාවක් භාවිතා කර ඇති බවය.
යුක්‍රේනය විසින් රුසියාට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු රුසියාව විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර රුසියාවේ ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ කියෙව් පාලනයේ ත්‍රස්ත ක්‍රියාවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බවය.