නැගෙනහිර යුක්‍රේනයේ පොක්‍රොව්ස්ක් නගරය අත්පත් කරගැනීම සදහා ලක්ෂයකට අධික රුසියානු භට පිරිසක් සූදානමින් සිටින බවට වාර්තා වෙයි. වසරක් තිස්සේ නගරය අත්පත් කර ගැනීමට රුසියාව විසින් ගන්නා ලද උත්සහයන් අසාර්ථක විය.
කෙසේවෙතත් උපරිම බලය යොදා උපායමාර්ගික වශයෙන් අතිශය වැදගත් පොක්‍රොව්ස්ක් කලාපය අත් කරගැනීම ඔස්සේ යුධ පෙරමුණේ දැවැන්ත වෙනසක් ඇති කිරීමට රුසියානු හමුදාව මේ වන විට සූදානමින් පසුවෙයි.
නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලූහාන්ස්ක් කලාප සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීම රුසියානු ඉලක්කය බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවස්ථා ගණනාවකදී අවධාරණය කරනු ලැබීය. මේ නිසාම පොක්‍රොව්ස්ක් නගරය අල්ලා ගැනීම රුසියානු හමුදාවේ ප්‍රමුඛතාවක් බවට පත්ව තිබේ.