ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ආභරණ සන්නාමය වන වෝග් ජුවලර්ස් තම ප්‍රථම ගෝලීය ශාඛාව ලෙස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර තම සන්නාමය පිහිටුවනු ලැබුවා. ඒ පසුගිය අගෝස්තු 12 වන දින ආයතනයේ ඉහළ කළමනාකාරිත්වයේ ප්‍රධානත්වයෙන්.
මෙල්බර්න් යනු කොළඹට පසු වැඩිම ලාංකිකයන් ජීවත්වන නගරය යැයිද ඇතැම් අය සලකනු ලබන අතර ලාංකිකයන් මිලියන බාගයකට පමණ නිවහන වනවා. මෙසේ ඇරඹෙන වෝග් කැන්ගරු දේශයේ සම්ප්‍රාප්තිය එහි වාසය කරන ශ්‍රී ලාංකිකයන් සහ දකුණු ආසියාතික පාරිභෝගික ජනතාව වෙත තම සේවාව සැපයෙනු ඇතියි. එමෙන්ම එමගින් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලැබීම තුළ රටට අමතර වාසි රැසක් අත්වනු ඇතියි.
එමෙන්ම ශ්‍රී ලාංකික වෙළඳ සන්නාම විදේශ වෙළඳ සන්නාම හා තරඟ කිරීම අත්‍යවශ්‍ය වන මොහොතක වෝග් ගන්න ලද මෙම අභීත ව්‍යාපාරික පියවර වෙනත් ව්‍යවසායකයන්ට පවා උත්තේජනයක් සපයනු ඇත.
ඔස්ට්‍රේලියාවේ දේශීය බහුතරය ප්‍රමුඛ ලෙස ගත් විට රන් සහ වටිනා ලෝහ ආභරණ වලට අදාළව තිබෙන සම්මත සහ ජනප්‍රිය නැඹුරුතා ලාංකික සහ දකුණු ආසියාතිකයන්ට වඩා වෙනස් වනවා. නමුත් දකුණු ආසියාවට රන් ආභරණ වලට ආදාළ ව තිබෙන සුවිශේෂී යහපත් ප්‍රතිරූපය සහ ශ්‍රී ලංකාවට තිබෙන මැණික වැනි වටිනා පාෂාණ වලට ජනප්‍රියතාව නිසා වෝග් සන්නාමය දේශීය ඕස්ට්‍රේලියානු ප්‍රජාව අතරද ජනප්‍රිය කරවීම පහසු අභියෝගයක් බව ඒෂියා ටුඩේ බිස්නස් නිව්ස් අපගේ විශ්වාසයයි.

වමේ සිට: ප්‍රධාන විධායක නිලධාරි නන්දන හේරත්, කළමනාකරණ අධ්‍යක්ෂ අනුර හේමචන්ද්‍ර, අධ්‍යක්ෂ අනුරාධ හේමචන්ද්‍ර, අධ්‍යක්ෂ එමලි හේමචන්ද්‍ර