නවක වදය දීම සම්බන්ධයෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 15 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ ( 03) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුවේ නවක වදය සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අය අතර
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යාපනය ලබන කාන්තාවන් 06 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 09 දෙනෙක්
සිටින බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පවසයි.
තාක්ෂණ පීඨයේ 21/22 අධ්‍යන වර්ෂයේ ශිෂ්‍යාවන් පිරිසකට අසභ්‍ය වචන කියමින් බැන තර්ජනය කර නවක වදය ලබාදීම සම්බන්ධයෙන් මෙම සිසුන් 15 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.