COLOMBO: මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල නම් ග්‍රාමයේ නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා මුල්ගල තැබීම ඊයේ (04) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරීමට යෝජිත මෙම නවීන ගොඩනැගිල්ල සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 14.70 කි.
තැපැල් සේවාව නවීකරණය කිරීමේ වැඩපිළිවෙලේ දී මේ වසරේ නව තැපැල් කාර්යාල කිහිපයක් ඉදිකිරීමට නියමිත බවත් එහි පළමු පියවර ලෙස ගලේවල නවීන පහසුකම් සහිත තැපැල් කාර්යාලය ඉදිකිරීමට මුල්ගල තබමින් එම වැඩපිළිවෙළ ආරම්භ කළ බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසී ය.
මාර්තු මස සම්මත කළ අයවැයෙන් නව තැපැල් කාර්යාලය ඉදි කිරීමට සහ තැපැල් කාර්යාල නවීකරණය කිරීමට රුපියල් මිලියන 1100 කට ආසන්න මුදලක් වෙන් කර ඇති බවත් මෑත කාලයේ එවැනි මුදලක් වෙන් කළ පළමු අවස්ථාව මෙය බවත් අමාත්‍යවරයා කීය.
මෙම නව තැපැල් කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසු ගලේවෙල ප්‍රදේශයේ 6000 කට අධික ජනතාවට විධිමත්, කාර්යක්ෂම තැපැල් සේවාවක් ලබා ගැනීමට හැකිවනු ඇති බවද අමත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට ගලේවල ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික කරුණාරත්න, නියෝජ්‍ය තැපැල්පති (මධ්‍යම) එම්.එච්.එම් අස්ලමි හසන්, තැපැල් මුලස්ථානයේ නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව, මාතලේ ප්‍රාදේශීය තැපැල් අධිකාරී නාමල් විජේරත්න යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීහු රැසක් එක්ව සිටියහ.