ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් බදාදා දින වියට්නාමය සමඟ නව වෙළඳ ගිවිසුමක් ප්‍රකාශයට පත් කළේය. එක්සත් ජනපදය විසින් තීරු බදු සම්බන්ධයෙන් වියට්නාමය ඇතුළු ලොව පුරා රටවල් වලට ලබා දී ඇති සහන කාලය ජූලි නව වනදා කල් ඉකුත් වන අතර මේ වෙද්දී රටවල් රැසක්ම තීරු බදු වලින් එල්ල විය හැකි බලපෑම් අවම කිරීම සදහා ඇමරිකානු පරිපාලනය සමග සාකච්ඡා පවත්වමින් සිටිති. එංගලන්තය, චීනය සහ වියට්නාමය මේ වන විට ද්වී පාර්ශවික වෙළද ගිවිසුම් සදහා එළඹී තිබේ. වියට්නාමය සමග ගිවිසුම ජනාධිපති ට්‍රම්ප් හදුන්වා දී ඇත්තේ “සහයෝගීතාවයේ ගනුදෙනුවක්” ලෙසිනි.
ගිවිසුම ප්‍රකාරව වියට්නාම භාණ්ඩ සඳහා 20% බද්දක් සහ එක්සත් ජනපද බදු මගහැරීම සඳහා වියට්නාමය හරහා නැව්ගත කරන භාණ්ඩ (ප්‍රධාන වශයෙන් චීන භාණ්ඩ) සඳහා 40% බද්දක් පැනවෙයි. ඒ වෙනුවට, වියට්නාමය එක්සත් ජනපද භාණ්ඩ සඳහා බදු රහිත ප්‍රවේශයක් ලබා දී තිබේ.
